image image image image
මුහුදු සිංහයගේ රැගුම් මුහුදු සිංහයගේ රැගුම් දර්ශනය සත්වෝඅද්‍යානයෙහි ප්‍රධානතම වඩාත් ආරර්ෂණීය වැඩසටහන ලෙස සැලකේ. 2003 මැයි මාසයේ දී ජපානයේ සිට මෙහි වාසයට පැමිණි මේ මුහුදු සිංහයා හැදින්වුයේ චක්කු නමිනි. එවකට ළදරු වියෙහි සිටි චක්කු ඉතා වේගයෙන් මෙහි දේශගුණයට හුරු විය. අප සත්වෝඅද්‍යාන පුහුණුකරුට මේ මුහුදු සිංහයා රැගුම් දැක්වීම සඳහා පුහුණු කර ගැනීමට ගතවුයේ මාස 3ක් වැනි කෙටි කාලසීමාවකි.
ශ්‍රී ලංකාවේ අලි ශ්‍රී ලංකාවේ අලින් ගැන කෙටියෙන් හඳුන්වාදෙන පොත් පිංච, අලින්ගේ සාමාන්‍ය තොරතුරු, හැසීරීම, රටාවන් ගැන පමණක් නොව ආසියානු අලියාගේ විශේෂත්වය ගැන ද විස්තර කරන මෙම පොත් පිංචට අලින්ගේ වර්ණවත් මෙන්ම  ආකර්ෂණීය පිංතූරු රැසක් ඇතුලත්ය. ශ්‍රී ලංකාවේ අලින් ගැන උනන්දුවක් දක්වන සැමට ඛෙහෙවින් ප්‍රයෝජනවත් මෙම පොත් පිංච දැනට ප්‍රකාශයට පත් කර ඇත්තේ සිංහල බසින් පමණි.
ශ්‍රි ලංකාවට ආවේණික ම්සුන් ශ්‍රි ලංකාවට ආවේණික ම්සුන් පිළිබඳව ලියැවුණු මෙම සුවිශේෂ ප්‍රකාශනයෙහි මෙරට ආවේණික මසුන් වර්ග, මසුන්ගේ විවිධත්වය, සංරක්ෂණ වැඩපිළිවෙල සහ ඔවුන්ගේ වර්ධනයට එරෙහි වී ඇති බාධා යනාදිය ගැන විස්තරාත්මක තොරතුරු ඇතුලතය. සිත් ඇදගන්නා සුළු වර්ණවත් මත්ස්‍ය ජායාරූපවලින් සමන්විය. දැනට සිංහල භාෂාවෙන් පමණක් ප්‍රකාශයට පත්කර ඇත.
උද්‍යානය කොළඹ සත්වෝද්‍යානය විශාල වෘක්ෂයන්ගෙන් සුසැදි මනාව උද්‍යානීකරණය වු හරිත භුමියකි.ස්වාභාවික වන උද්‍යානයකට අනුරූප වන අයුරින් තණපිටිවලින් ගහන කුඩා වනපෙතක් එහි නිර්මාණය කර ඇත.ඉතා සරුවට වැඩුණු දුර්ලභ ශාක හා පැලූටි වර්ග මෙනි දී දැක ගත හැකිය.එපමණක්ම නොව ඉතා වටිනා ඖෂධීය පැලූටී වර්ග ද මෙම ශාක අතරෙහි දක්නට ලැබීම මේ පුංචි වනපෙතෙහි ඇති සුවිශේෂිත්වයයි.

පුවත් සහ සිදුවීම්

උද්‍යාන සිතියම

මාසික වීඩියෝව