මින්මැදුර
මින් මැදුර
|
1973.09.29 දින මහජනතාව සඳහා විවෘත කරන ලඳ අතර වර්ථමානයේ පෘෂ්ඨවංශික හා අපෘෂ්ඨවංශික ජිවින් විශේෂ 200 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රදර්ශනය කරනු ලැබේ.මේ අතර මිරිදිය, කරදිය සහ කිවුල් දිය ආශ්‍රිත මසුන් විශේෂද වේ. මිරිදිය මසුන් ප්‍රදර්ශනය ශ්‍රි ලංකාවට ආවේණික අතිශය වදවීමේ තර්ජනයට ලක් වී ඇති හීත මත්ස්‍යා,දුම්බර පෙතියන්. පතිරණ සාලයා,බන්දුල පෙතියන් වැනි ආවේණික මසුන් ද ප්‍රදර්ශනයට එක් කොට ඇත. ජලජ පැලැටි අතර ජිවත් වීමට ප්‍රිය කරන බාබ් වර්ග, ටෙට්‍රා වර්ග, ගං ආරා, පිරානා වැනි මසුන් ප්‍රදර්ශනයට එක්කොට තිබේ.තවද අතිශය වඳවීමේ තර්ජනයට ලක්වී ඇති දුම්බර පෙතියන්, පතිරණ සාලයා, බන්දුල පෙතියන් වැනි මසුන් විශාල වශයෙන් අභිජනනය කර සංරක්ෂණ ක්‍රියාවලියට ද දායක වීමට හැකි වී ඇත.
|
![]() |
||||||||
![]() |
මුහුදු මත්ස්‍ය ප්‍රදර්ශනය මුහුදු පතුලේ අසිරිය මවමින් ඉතා විශාල ජිවින් සංඛ්‍යාවකට ජිවත් වීමට උච්ත පරිදි, පරිසර පද්ධතියක් නිර්මාණය කර ප්‍රදර්ශනයට එක් කොට ඇත. කොරල් පර ආශ්‍රිත පරිසර පද්ධති,එ් අතරට ඒකරාශි වු මුහුදු ඇනමනි වර්ග,ඉතා වර්ණවත් මසුන් අපෘෂ්ඨවංශික ඉස්සන්, පොකිරිස්සන්, පසඟිල්ලන්, ඉකිරි හා බුහුබාවන් දැක ගැනීමට සලස්වා ඇත. මුහුදු සිංහයා සහ සංදර්ශනය |
||||||||
|
ඇරෆයිමා මත්ස්‍යයා මත්ස්ය අලේවි අංශය |
|||||||||
පින්තූර ගැලරිය |
|||||||||







