සත්වෝද්‍යාන රෝහල

සෞඛ්‍ය කළමණාකාරිත්වය

පශු වෛද්‍ය අංශයේ ප්‍රධාන අරමුණ යහපත්  සෙෳඛ්‍ය කළමණාකාරීත්වයක් තුළින් සත්වෝද්‍යානයේ සතුන්ගේ සෞඛ්‍ය තත්වය නිසි අයුරින් පවත්වා ගැනීමයි.

පශු වෛද්‍ය අංශය, පශු වෛද්‍ය නිලධාරින්, අධ්‍යාපන හා පර්යේෂණ සහයකයන් සහ අනෙකුත් සහයකයන්ගෙන් සමන්විතය.

රෝග නිවාරණ කටයුතු

  1. විටමින සහ ඛනිජ ලවණ ආදි පෝෂක ලබා දීම
  2. පණු හරන කටයුතු හා ප්‍රතිශක්තිකරණ එන්නත් විදිමත්ව ලබා දීම
  3. බාහිර පරිපෝෂිතයින් පාලනය කිරීම
  4. ප්‍රතිකාර කිරීම, ශල්‍ය කටයුතු සහ රසායනාගාර පරීක්ෂණ සිදු කිරීම
    • රුධිර පරීක්ෂණ
    • මස්තු වේදී පරීක්ෂණ
    • මළ ද්‍රව්‍ය පරීක්ෂණ
  5. පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීම

අධ්‍යාපනික කටයුතු

  1. දේශිය හා විදේශිය පාසල් සිසුන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් හට වන සතුන් පිළිබඳ දැනුම ලබා දීම.
  2. සීමා වාසික පුහුණු වැඩ සටහන් මඟින් පශු වෛද්‍ය උපාධිධාරින් පුහුණු කිරීම.
  3. උපාධිධාරින් හා උපාධි අපේක්ෂකයින් පුහුණු කිරීම
  4. නරඹන්නන් සඳහා අධ්‍යාපනික වැඩ සටහන් ක්‍රයාත්මක කිරීම
  5. ස්වේචිඡා කණ්ඩායමි දැනුවත් කිරීම
  6. ප්‍රවීන නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ ස්වෙිචිඡා කටයුතු වලට වන සතුන් පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලබා දීම

අධිකරණ පශු වෛද්‍ය කටයුතු සිදු කිරීම

  1. මස් සාමිපල හඳුනා ගැනීම
  2. දළ සාමිපල කොටස් හඳුනා ගැනීම
  3. වන සතුන් හා වන සත්ව කොටස් හඳුනා ගැනීම

නිර්වින්දන කටයුතු

  1. හදිසි නිර්වින්දන කටයුතු සඳහා සහය දීම
  2. මහජනයාට අන්තරාකිරී ලෙස හැසිරෙන සතුන් (අලි, වඳුරන් ආදි) නිර්වින්දනය කර සුරක්ෂිත භාවය ඇති කිරීම

පර්යේෂණ කටයුතු
වර්තමානයේ සිදු කරනු ලබන පර්යේෂණ අතර කොළ දිවියන්ගේ, අලිත්ගේ සහ මුවන්ගේ ප්‍රජනක  සෞඛ්‍ය පිළිබඳ පර්යේෂණ වැදගත් තැනක් ගනියි.

සත්වෝද්‍යානයේ සතුන්ගේ පෝෂණ කටයුතු අධීක්ෂණය

  1. පෝෂණ සංඝටක අවශ්‍යතා ගණනය කිරීම
  2. ආහාර පරීක්ෂා කිරීම
  3. ආහාර සහ පරිසර වැඩි දියුණු කිරීම
  4. අමතර පෝෂ්‍ය පදාර්ථ සැපයීම

සත්වෝද්‍යානය තුළ සත්ව අභිජනන කටයුතු සඳහා පහසුකමි සැලසීම

බිත්තර රැක්කවීමේ මධ්‍යස්ථානයේ කටයුතු පවත්වා ගැනීම

පුවත් පත්‍රිකාව

මාසික වීඩියෝව

පුවත් සහ සිදුවීම්