ළමා මලුව

ළමා මලුව සත්වෝද්‍යානය තුල දක්නට ලැබෙන ආකර්ශනිය ස්ථාන වලින් එකක් වන අතර විවිධ ආකාරයෙන් මහජනත‍ාව දැනුවත් කීරිම මෙහිදි සිදුවේ. එයින් සමාජය වගකීමක් සහ ධනාත්මක චින්තනයක් ඇති පිරිසක් බවට පත්කිරිම ප්‍රධාන අරමුණ වේ.

මෙම සැලකිය යුතු කර්තව්‍ය සමාජයට දායාද කරනු ලබන්නේ තරුණ සත්වවේදින්ගේ සංගමයේ මහත්ම මහත්මියන් මගිනී. ඔවුන් සේවෙඡාවෙන් මෙම සමාජ මෙහෙවර සිදුකරනු අතර ඔවුන්ට ලබාදි ඇති යුනි‍ෆොම් එක මගින් ඔවුන් හදුනාගත හැක.

ළමා මලුව තුල දි අපට පහත දැක්වෙන සොදුරු සත්වයින් දැක ගැනීමට හැකියාව ලැබේ. කොකෝටුස්, බ්‍රහ්මණික්‍රයිට්ස්, මුහුදු රාජාලියා, හැමිඩ්‍රියානු බැබුන්, ගිනිපිග්ස්, අප්‍රිකාන් අඑ ගිරවා, හාවුන් හා මුවන්

මෙහිදි මෙම සතුන් සමග සමිප ඇසුරක් පැවැත්වීමට හැකි අතර ඔවුන්ගේ චර්යාවන් හා විවිධත්වය ඉතා හොදින් මෙහි දි අධ්‍යනය කල හැක. එමෙන් ම දරුවන් කුඩා කාලයේ දීම සතුන් ආදරයෙන් රැකගත යුතුබව ඔවුන්ට වටහා දාමට මෙය ඉතා සුදුසු ස්ථානයක් වේ.

පුවත් පත්‍රිකාව

මාසික වීඩියෝව

පුවත් සහ සිදුවීම්