ඉතිහාසය
ඉතිහාසය
|
දෙහිවල සත්වෝද්‍යානය පිහිටුවීමට මුල්වුයේ ජෝන් භාගන්බර්ග් මහතාය. ඔහු සතුන් අපනයනය කරන ව්‍යාපාරිකයෙක් ලෙස කටයුතු කරන ලදී. අපනයනය කිරීමට පෙර සතුන් රඳවා තබාගැනීම සඳහා දෙහිවල සත්වෝද්‍යාන පිහිටි භූමිය ඔහු මිලදී ගෙන තිබේ. එකල ජෝන් භාගන්බර්ග්ගේ සොහොයුරා වන කාල් භාගන්බර්ග් යුරෝපය පුරා විශාල වශයෙන් වන සතුන් අපනයනය කරන්නෙකු ලෙස ප්‍රකටව සිටියේය. ජෝන් භාගන්බර්ග් යුරෝපයට සතුන් අපනයනය කළේ සිය සොහොයුරු කාල් භාගන්බර්ග්ගේ මාර්ගයෙනි. ශතවර්ෂය ආරම්භයේදී ඔහු වන සතුන් යුරෝපයට අපනයනය කරන තුරු රඳවා තැබීමට අක්කර 5ක බිම් කොටසක් දෙහිවලින් මිලදී ගත්තේය. නොබෝ කලකින් මෙම මධ්‍යස්ථානය ඒ අවට පදින්චිකරුවන් අතරේ ජනප්‍රිය විය. පසුව මධ්‍යස්ථානය ට ලැබෙන සතුන් රඳවා තැබීම සඳහා මෙහි භූමී ප්‍රමාණය අක්කර 11 දක්වා වැඩි කෙරුණි. 1936 ජිනි මෙම මධ්‍යස්ථානය රජයට පවරා ගන්නා ලදී. ඉන්පසුව ක්‍රමයෙන් විශාලත්වයට පත් වූ දෙහිවල සත්වෝත්‍යානයෙහි වත්මන් භූමී ප්‍රමාණය අක්කර 25 ක් වේ. (හෙක්ටා. 11 කට ආසන්නය) ජෝන් භාගන්බර්ග්, ඔහුගේ කාර්යාලයේදී,
|





