සත්වයින්
සත්ව අංශය
|
දෙහිවල සත්වෝද්‍යානයේ ජීවනාලිය වන්නේ සත්ව අංශයයි.එහි විවිධ වර්ග වල සතුන් ප්‍රදර්ශනය කෙරේ. සත්වෝද්‍යානයේ කූඩුවල පිරිසිඳුතාවය,සතුන්ගේ ආරක්ෂාව,ඔවුන්ට නිසි වෙලාවට කෑම ජලය ලබා දීම,සතුන්ගේ හැසිරීම් වර්ධනය කිරීම සඳහා සුදුසු වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම,ඔවුන්ගේ හැසිරීම් රටා සහ අවශ්‍ය දත්තයන් සටහන් තබා ගැනීම,ආදි සත්ව සුභ සාධනය උදෙසා කටයුතු කරමින් නව සතුන් සඳහා කූඩු මාරු කිරීම් හා සතුන් සම්මිශ්‍රනය කර ප්‍රදර්හනය කිරීම වැනි දෑ සඳහා සත්වෝද්‍යාන සත්ව අංශය ක්‍රියාකරනු ලැබේ. දෙහිවල සත්වෝද්‍යානයේ විශේෂ 350ක් සතුන් 3500ක් පමණ ප්‍රදර්ශනය කෙරේ. මෙයට නිදහසේ සත්වෝද්‍යානය තුළ ජීවත් වන කුරුළු විශේෂ, මත්ස්‍ය විශේෂද අයත් වේ.
ඉහත සටහන අනුව ජෛව විවිධත්වය වඩාත් වැඩිම සත්ව කොට්ඨාශය වන්නේ ක්ෂිරපායින් සහ කුරුල්ලන්ය,සත්ව අංශයේ ප්‍රදර්ශනය කරනු ලබන සතුන් අතර ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ මෙන්ම ආවේණික නොවන එහෙත් වඳවීමේ තර්ජනයට ලක්වූ විශේෂ සහ කලු රයිනෝසිරස්,ඇරබියන් ඔරික්ස් වැනි වැදගත් විශේෂද ප්‍රදර්ශනය කෙරේ.ශ්‍රී ලංකාවේ බළල් පවුලේ කුඩා බළල් විශේෂ වල් බළලා, කොළ දිවියා, හඳුන් දිවියා වැනි විශේෂ ප්‍රදර්ශනය කරනු ලබන්නේ විශේෂ උනන්දුවකින් හා අවධානයකින්ය. |
|||||||||||||||||||||||||||||





