සත්වයින්
ක්ෂීරපායී සත්වයින්
ක්ෂීරපායී සත්වයින්
ක්ෂීරපායින්
|
රතු කැන්ගරුවන් හා වොලබි විශේෂ දෙක ඕස්ට්‍රේලියානු මහද්වීපය නියෝජනය කරමින් මාසුෆියාලියාවන් ලෙස ප්‍රදර්ශනය කෙරේ. මේ විශේෂ දෙකම එකට සත්ව අරණක ඉතා සන්සුන්ව තමන්ගේ ඉඩකඩ ඛෙදා ගනිමින් ජීවත් වේ. අලි විශේෂ දෙකක් සත්වෝද්‍යානයේ ප්‍රදර්ශනය කෙරේ. ඒ ආසියානු අලියා සහ අප්‍රිකානු අලියා වන අතර අප්‍රිකානු අලියා ගොඩ බිම වෙසෙන විශාලම සත්වයා ලෙස සළකනු ලැබේ. අලින්ගේ නොදැමුණු හැසිරීම් විලාශයන් හා දේහ ප්‍රමාණය හා සමාජශීලි හැසිරීම් නරඹන්නන් මවිතයට පත් කරවන සුලුය.
|
![]() |
||||||||
| ප්‍රයිමේටාවන් යනු වානර විශේෂයි. මිනිසාට ලඟින්ම නෑදැකම් කියන නිසාවෙන්දෝ නරඹන්නන් අතරත් ඉතා ජනප්‍රිය වී තිබේ. දුඹුරු හා වලිගයේ වළලු ආකාර හැඩ සහිත ලීමර් විශේෂ වල සිට වානර වර්ග 16ක් සත්වෝද්‍යානයේ ප්‍රදර්ශනය කෙරේ. මේ අතරට ශ්‍රී ලාංකික වඳුරු විශේෂ 03 වන කලු වඳුරා, ඇලි වඳුරා හා රිලවා අයත් වේ. මකුලු රිලවා හා ලේන වඳුරා නරඹන්නන්ගේ නෙත් සිත් පැහැර ගනිමින් තමන්ගේ වලිගයෙන් පමණක් අතුවල එල්ලී ගෙන අත් පා විසුරුවමින් දස්කම් පායි. | |||||||||
![]() |
ගිබන්, ඔරන් උටන් හා ච්ම්පන්සියන් මහා වානර කොටසට අයත් වේ. ගිබන් වඳුරන්ගේ ශබ්දයන් සත්වෝද්‍යානය ගිඟුම් දෙන හා ඇතැම් විට නරඹන ඔබට දැනෙන්නට ඇත. ඔරන් උටන් යුවල තමන්ගේ අලුත් නිවහනේ රිසි සේ සැරි සරන්නේ තමන් කෙරේ කිසිවකුගේ අවධානයක් නැතැයි සිතමිනි. සන්ජු සහ ටෝනි ච්ම්පන්සියන් දෙදෙනා තම මව විසින් ඇති දැඩි කිරීම ප්‍රතික්ෂේප කරන ලද සතුන් යුගලක් වන අතර සත්වෝද්‍යාන සත්ව භාරකරුවන් ඔවුන්ගේ මව හා පියා ලෙස ක්‍රියා කරමින් පිටි කිරි පොවා ඔවුන් ඇති දැඩි කර ඇත. | ||||||||
| ශ්‍රී ලාංකික කොටියා ලංකාවේ බළල් පවුලේ සාමාජිකයන් වන අතර විශාලම බළලාද වේ. කොටියා ආහාර දාමයේ ඉහළින්ම වෙසෙන විලෝපික සත්වයා වන අතර මනරම් දේහ විලාශය නරඹන්නන්ගේ අවධානය පැහැර ගෙන ඇත. ඛෙංගාලි ව්‍යාඝ්‍රයා හා දකුණු ඇමෙරිකානු ජගුවරයන් හයිනා හා ශ්‍රී ලාංකීය වළහා නරඹන්නන් කුල්මත් කරවන වැදගත් විශේෂ කිහිපයක් වේ. දිය බල්ලන්, අප්‍රිකානු සර්වල් බළලුන්, කෝටි, අප්‍රිකානු මියර් කැට් වැනි විශේෂද මේ සතුන් අතර වැදගත් තැනක් හිමිකර ගනී. | |||||||||
| සත්වෝද්‍යානයේ සතුන් අතරින් වැඩිම සතුන් ප්‍රමාණයක් අයත් වන්නේ කුර සහිත සතුන්ටය. ඔත්තේ කුර සංඛ්‍යාවක් සහිත Perisodactyla වන්ට රයිනෝසිරස්, සීබ්‍රා හා අශ්වයින් වැනි සතුන් අයත් වේ. ඉරට්ටේ කුර සංඛ්‍යාවක් සහිත Artiyodactyla වන්ට මුවන්, ගෝනුන්, කූඩු, ලෙචිවේ යන සතුන් අයත් වේ. | ![]() |
||||||||
![]() |
මී මින්නා ශ්‍රී ලංකාවට ආවේණික ආටියෝඩැක්ටයිලාවකි. තිත් මුවා රංචු වශයෙන් ජීවත් වන අතර පිරිමි සතුන් අං දරන සතුන් වේ. ග්‍රේට කුඩු පිරිමි සතුන්ට කැරකුණු අං පිහිටා ඇත. ජිරාෆ් සතුන් ලෝකයේ වෙසෙන උසම සතුන් වේ. කාන්තාරයේ නෞකාව වන ඔටුවාද ඔබට සත්වෝද්‍යානයේදී දැක ගත හැක. හිපොපොටේමස් වර්ග දෙකක්ද එම අංශයේ විශාල ජලාශ වල ගිලි වෙසෙන අයුරුද ඔවුන් තම දැවැන්ත ශරීර ජලයෙන් මතු පිටට ගෙන ඉතා අපහසුවෙන් ඇවිදින අයුරුද පැහැදිලිව දැක ගත හැකිය. | ||||||||
|
පින්තූර ගැලරිය
|
|||||||||









