සත්වයින්
කුරුළු උයන
කුරුළු උයන
කුරුල්ලන්
| පියාඹිය හැකි, නොහැකි, ජලාශ්‍රිත හෝ එසේ නොවන කුරුල්ලන් රාශියක් සත්වෝද්‍යානය පුරා විසිරි විහිදී කූඩු තුලත් නිදහසේ කුරුලු උයන් තුලත් දැක ගත හැකිය.සියක්කාරයන් තම තටාකය පුරා කෑම සොයමින් ගමන් කරනු ඔබට සත්වෝද්‍යානයට ඇතුලු වන විටදීම දැක ගත හැකිය.කැසවරි, එමු හා පැස්බරුන් පියාසර කළ නොහැකි දැවැන්ත කුරුල්ලන්ය. නිදහස් කුරුලු අරණේ සිත්සේ සැරි සරන වර්ණවත් කුරුල්ලන් අතරේ පිය මනින්නට ඔබටත් දැන් අවස්ථාව ඇත.ඒ සතුන්ගේ මන බන්ධනීය ගීත ඔබටත් මිමිණිය හැකි දැයි බලන්න. |
![]() |
||||||||
![]() |
හංස විලේ සරනා හංසයින් දියෙන් කිරි වෙන් කර ගන්නේ දැයි බලන්න. ලෝකයේම තර්ජනයට ලක් වූ පැසිතුඩුවන් කොළඹට ආගන්තුකයන්ය.ඔවුන් වියළි කලාපීය කුරුල්ලන් වන අතර දිවා ආහාරයට පමණක් සත්වෝද්‍යානයට පැමිණෙන සංචාරකයින් පිරිසකි.බකමූණන්,රාජාලියන් වැනි මස් කන කුරුල්ලනුත් සත්වෝද්‍යානයේදී බලන්න අමතක කරන්න එපා. | ||||||||
පින්තූර ගැලරිය |
|||||||||







